ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (05දා) පස්වරු 01.50 ට මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වන ලදී. ඒ අනුව මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා ඇත.
ඉන්දියාවේ කරච්චි ගුවන්තොටුපොළේ සිට ජකර්තා දක්වා ගමන් ගනිමින් සිටින අතර තුර ගුවන් යානය අද (05දා) දින මත්තලට ගොඩ බස්වා තිබේ.
මෙහිදී මත්තල ගුවන්තොටුපොළට යානය ගොඩබැස්වීම සඳහා ඩොලර් 1568 ක්, නවතා තැබීම වෙනුවෙන් ඩොලර් 471 ක් හා ශ්‍රී ලන්කන් සේවා කටයුතු වෙනුවෙන් ඩොලර් 3000 ක මුදලක් ගුවන් තොටුපොළ වෙත ගෙවා තිබේ ,
එමෙන්ම ගුවන්යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ අනු අටකට සරිලන ඉන්ධන ලීටර් 83586 ක් ලබා තිබේ. එමෙන්ම හෙට (06දා) අලුයම 03 ට නැවත ගුවන් යානය ජකර්තා බලා පිටත්වීමට නියමිත වේ.
රාහුල් සමන්ත