මධ්‍යම පාන්තික ඉඩමක අක්කර 10ක පමණ හා හලවල්කැලේ රක්ෂිතය ට ආසන්න රජයට අයත් අක්කර හයක පමණ භූමි ප්‍රමාණයක් මෙසේ ගින්නෙන් විනාශයට පත්ව ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
ගින්න පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම නිලධාරිවරයා දැනුත්වත් කිරිමෙන් අනතුරුව,වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්වවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් සහ වැලිපැන්න පොලිසිය ,මතුගම අඩවි වන නිලධාරී කාර්යාලය සමග ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.