ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම්කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි කොට ඇති "කෝලකැල්සිෆෙරොල්"නමැති ඖෂධීය නාමයෙන් යුත් විටමින් ඩී - 3 අඩංගු ඖෂධ සහ එන්නත් වර්ග 19 ක් දැනට අලෙවිය පිනිස ඖෂධ ශාලාවල තබා ගැනීමට හැකි බවත් එම වර්ගයන්ට අයත් නොවන අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සියල්ල ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කරමින් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය සදහන් කරයි.
මෙලෙස ලියා පදිංචි කොට ඇති ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයන් මත නිකුත් කෙරෙන මුත් අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ජනතාවට ලබා ගත හැකිවීමෙන් විවිධ සංකූලතා ඇති විය හැකි බව කළ විමසුමසකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය.
ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි නොකළ , අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සොයා බැලීමකින් තොරව අලෙවිය පිනිස තබා ගැනීමෙන් වලකින ලෙස ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට
ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය පියවර ගෙන ඇත.
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගේ අධීක්ෂණය මත දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර, ඒ.ජේ.එම්.නියාස් සහ ඩී.එම්.කරුණාරත්න යන මහත්වරුන් විසින් ගම්පහ ප්‍රදේශයෙහි ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කරමින් එම ඖෂධ ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක