දකුණු ලෙබනනයේ සාම සාධක භටයන් 90 දෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් කළ බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය නිවේදනය කරයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ 90න් 88ක්ම එකම රටකට අයත් පිරිසක් වන බවය. ලෙබනනයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 24,310ක් වන අතර, එරට වෛරසය හේතුවෙන් මියගොස් ඇති පිරිස 241කි.