පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
පවතින තත්ත්වය පිළිබඳව සිදු කරනු ලබන සමාලෝචනයකින් පසු අද (28) සංචාරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹීමට නියමිතව බව සඳහන් වෙයි.
පසුගිය 25 වනදා තාවකාලිකව සංචරණ සීමාව ලිහිල් කළ අවස්ථාවේ රටේ ජනතාව නගර වෙත එක්රැස් වෙමින් අවදානම්කාරී ලෙස කටයුතු කරනු ලැබූ අතර එය සෞඛ්‍ය අංශවල කණස්සල්ලට ද හේතු වී තිබුණි.