එළඹෙන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා සඳහන් කරනුයේ ඒ සඳහාඅවශ්ය නිර්දේශ ජීවන වියදම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
මේ අතර,වී අලෙවි මණ්ඩය විසින් ගොවීන්ගෙන් මිලදී ගනු ලබන වී, සහල් බවට පත්කර PMB Rice යන වෙළෙඳ නාමය යටතේ එළඹෙන නොවැම්බර් මසදී වෙළෙඳපොළට නිකුත් කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.
වෙළෙඳ පොළ තුළ සහල් මිල ඉහළ යෑම පාලනය කරමින් පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා මෙය ක්‍රියාත්මක වන අතර, එහිදී සහල් කිලෝ පහ සහ දහය වශයෙන් ඇසුරුම් කර ස.තො.ස. ඇතුළු වෙළෙඳසැල් වෙත නිකුත් කෙරෙනු ඇත.