ලබන අගහරුවාදා දිනයේ සංචරණ සිමා ලිහිල් විමෙන් පසු පළාත් සංචරණ සිමාවන්ට යටත්ව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එ අනුව අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 3ක් සහ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා දුම්රිය ගමන් වාර 3ක් සිදු කෙරෙනු ඇත.
අලුත්ගම සිට මරදාන දක්වා සහ මහනුවර සිට පොල්ගහවෙල දක්වා එක් දුම්රිය ගමන් වාරය බැගින් ධාවනය කෙරේ.
කොච්චිකඩ් සිට කොළඹ කොටුව දක්වා ගමන්වාර 2ක් සහ කොළඹ කොටුව සිට කොච්චිකඩ් දක්වා ගමන් වාර දෙකක් සිදු කෙරෙන බවයි දුම්රිය සේවය සඳහන් කළේ.
ලබන 25 වනදා සංචරණ සිමා ලිහිල් විමෙන් පසු අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සහ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා එක් දුම්රිය ගමන් වාරය බැගින් සිදු කෙරෙනු ඇත.
එමෙන්ම බෙලිඅත්ත සිට ඉදුරුව දක්වා සහ ඉදුරුව සිට බෙලිඅත්ත දක්වා එක් දුම්රිය ගමන්වාරය බැගින් ධාවනය කිරිමට සැලසුම් කර ඇත.