සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා බලධාරීන් ලබාදී ඇති අවස්ථාව ඇතැම් සංගීත කණ්ඩායම්වල ක්‍රියා කළාපය හේතුවෙන් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව මේරියන්ස් කණ්ඩායමේ නායක ගායන ශිල්පී නලින් පෙරේරා පවසා සිටියි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සම්පූර්ණයෙන් බිද වැටී තිබූ සංගීත ක්ෂේත්රය වෙනුවෙන් බලධාරීන් ලබා දි ඇති අවස්ථාව අයුතු ලෙස යොදා නොගත යුතු බවටයි.
නිසි ආකාරව පනවා ඇති ධාරිතාවට අනුව කටයුතු නොකරන්නේ නම් මාසක් ඇතුළත නැවත විවාහ මංගල උත්සව සීමා කිරීමට සිදු වන බව යුද හමුදාපතිවරයා දැනුම් දී තිබේ.