තලවකැලේ, ලිපකැලේ හා ආගරපතන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ (21) හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
පසුගිය 20 දින කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් තලවකැලේ, සෙන්ක්ලෙයාර් වත්තේ පදිංචි කාන්තාවගේ සැමියා ලිපකැලේ වත්තේ සැඟව සිටියදී සෞඛ්‍ය අංශ හා ලිඳුල පොලීසිය විසින් සොයා ගෙන සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී එම පුද්ගලයාටද කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට තහවුරු වී ඇතැයි ඒ මහතා කීය.
ආගරපතන බැල්මොරල් වත්තේ පදිංචි පුද්ගලයෙකුටද කොවිඩ් වෛරසය ආසාදිත බවට හඳුනා ගත් බවත් ඔහු කොළඹ සිට ආගරපතනට පැමිණීමෙන් පසු නිරෝධායනයට ලක් කොට සිටියදී සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණයේදී මෙසේ කොවිඩ් ආසාදිතව ඇති බවට තහවුරු වු බවත් ඒ මහතා පැවැසීය.
මෙම පුද්ගලයන් දෙදෙනාම කොළඹ රැකියාවන්ගේ නියුතුව සිට පසුගිය දිනවල වතුකරයට පැමිණි පුද්ගලයන් බවත් ඔවුන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමු කිරීමට හා ආසාදිත පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් හා සමීපතයන් හඳුනාගෙන එම පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරිහු පවසති.
ශාන් හුලංනුගේ