ලිඳුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
සභාපතිවරයා සිදු කළේ යැයි කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විම සඳහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරික්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය ගැසට් පත්‍රයක් නිකුත් කරමින් තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ සම්බන්ධයෙන් අප තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහාතගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් 2019 වසරේ මැයි මාසයේ චෝදනා 8 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් පාලන ආයතන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.
එම පැමිණිල්ලට පරික්ෂණයක් පැවැත්වු බවත්, එම පරික්ෂණ වාර්තාව ඉදිරිපත් නොකර එම චෝදනාවලටම යළිත් පරික්ෂණයක් පැවැත්විම සඳහා කොමිසමක් පත් කර තමන්ගෙන් ධුරය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
තම ධුරය අත්හිටුවීම දේශපාලන පළි ගැනිමක් බවත් , තමන් ඕනැම පරික්ෂණයකට මුහුණ දිමට ඉදිරිපත් වන බවයි අශෝක සේපාල මහතා කියා සිටියේය.