එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් හා රාජ්‍ය සේවකයින් ඇතුළුව පුද්ගලයින් 210කට ආසන්න පිරිසක් හෙට (6) දිවයිනට පැමිණිමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසෙ පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට මේ වන විට කටයුතු සුදානම් කර ඇති බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
අද (5) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5089 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වි නිවෙස් වෙත ගිය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.