තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ අනගිපුර අසෝක සේපාල මහතා 2021.01.29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් පහ කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කර තිබේ.
2021.01.29 දිනැති අංක 2212/57 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඒ බව නිවේදනය කර තිබුණි.
සභාපතිවරයා සම්බන්ධයෙන් පැවති චෝදනා 12ක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කොමිෂමක් පත්කර තිබුණි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම කොමිෂමේ වාර්තාව පසුගිය 25දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාරදෙනු ලැබීය.
ඒ අනුව, සභාපතිවරයා විසින් සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටුකිරීමේදී සංශෝධීත නගර සභා ආඥාපනතේ (255 වන අධිකාරිය) 184 (1) (ඈ) සහ (ඉ) වගන්තිවල සඳහන් වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින්, සංශෝධිත නගර සභා ආඥාපනත යටතේ තමාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණයට එළැඹි බව පළාත් ආණ්ඩුකාරවරයා පැවැසීය.