ලෝකයේ වැඩිම ආසාදන ඇති කලාපය වන ලතින් ඇමරිකාවේ නව කොරෝනා වෛරසය ආශ්රිත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 8ක් දක්වා ඉහළ ගොස් ඇති නමුත් සමහර රටවල වෛරසය පැතිරීම මන්දගාමී වන බවට ඇඟවුම් පවතින බව විදෙස් වාර්තා පවසයි.
රොයිටර් පුවත් සේවය විසින් කරන ලද වාර්තාවකට අනුව පසුගිය සතිය තුළ කලාපයේ දෛනික සාමාන්‍ය ආසාදිතයන් සංඛ්‍යාව 80,512 සිට බදාදා වන විට 67,173 දක්වා පහත වැටී තිබේ.
කලාපයේ දරුණු ලෙස පීඩා විඳින බ්‍රසීලය, නව කොරෝනා වෛරස ආසාදිතයන් හා මරණ සඳහා ලතින් ඇමරිකානු කලාපයේ ඉහළින්ම රැඳී සිටිමින්, ආසාදන මිලියන 4.46ක් සහ මරණ 129,500 කට වඩා වාර්තා කර ඇත. කෙසේවෙතත්, මෑත දිනවල ආසාදන අඩුවීමක් බ්‍රසීල බලධාරීන් විසින් සටහන් කර තිබේ.
පේරු, කොලොම්බියාව සහ මෙක්සිකෝව යන රටවල සාමාන්‍ය ආසාදිත සංඛ්‍යාව සුළු වශයෙන් පහත වැටී ඇත.