ලුණුගල දොරපොද කදු රක්ෂිතයේ 16 උදේ ඇතිවු ගින්නකින් අක්කර විස්සක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසින් කියයි.
රක්ෂිතයේ වන සතුන් දඩයමට,විනෝදයට,හේන් වගාවට ප්‍රදේශයේම ජනතාව සෑම වසරකම නියං කාලයට වනයට ගිනි තබති.
වනයට ගිනි තැබු විට සුළග සමග ඇවිලෙන ගින්න ඉබේම නිවී යන බවත් නියං කාලය නිමවන විට අක්කර සිය ගණනක් වනයේ ගස් වැල් දැවී යන බව ජනතාව කියයි.
මෙම කදු රක්ෂිතයේ මානම්,ඉලුක්,එරබදු,කුඩුදවුලා,කිතුල්,පතොක්,ටුනා ඇතුලු ශාක වර්ග හා වැලි මුවන්,
වල් ඌරන්,හාවන්,ඉත්තෑවන් ඇතුලු දුර්ලඹ වර්ගයේ වන සතුන්ගෙන් ග්‍රහන ප්රදේශයකි.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි