ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ආසන 33කින් යුත් සුඛෝපභොගී බස් රථ 53ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි වසර 5කින් ගෙවිය යුතු කල්බදු පදනම යටතේ රුපියල් මිලියන 444ක මුදලකට සීමාසහිත ලංකා අශෝක් ලේලන්ඩ් පොදු සමාගම වෙත පිරිනැමීමට නියමිතය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.