පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ බලපෑම් එල්ල වී තිබෙන ලංගම වෙනුවෙන් වියදම් කළමනාකරණය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සේවක වේතන ගෙවීම් ඇතුළු වියදම් මේ හරහා පියවා ගැනීමට අවස්ථාව ලැබෙයි. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.