වසර අවසන් වීමට පෙර ලංගම සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට ප්‍රවාහන අමාත්‍යවරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් දසදහසේ දීමනාව 2016 වසරේ සිට කොටස් වශයෙන් වැටපුට එකතු කළද, ලංගම සේවකයන්ගේ දීමනා වැටුපට එකතු නොවූ බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා සේවකයන් අතර සොන්සුන්තාවක් ඇති වූ බවත්, ඒ පිළිබඳ වෘත්තීය සමිති බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කළ බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව අදාළ මුදල අර්ථසාධක අරමුදලේ දායකත්වයට යටත් කිරීමට ලංගම සභාපතිවරයා පොරොන්දු වූ බවද හෙතෙම සඳහන් කළේය.