ලංගමය ලාභ ලබමින් තිබෙන නිසා සෑම සේවකයෙකුටම රුපියල් දසදහසක ප්‍රසාද දීමනා මුදලක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.
මීට අමතරව සේවක වැටුප් ඉහළ දැමීමට අවධානය යොමු වී තිබෙන බවත් ඊට සමගාමීව පෞද්ගලික බස්රථ සේවකයන්ට වැටුප් ක්‍රමයක් හා ඔවුන් අර්ථසාධක අරමුදලට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කරන බව අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අදාළව ඉදිරියේදී කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බවද පවසා සිටියේය.