ඇල්පිටිය පොලිස් වසමේ අටකොහොටේ බෝගහ වංගුව අසළදි අළුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් ශ්රී ලංගම බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම බස් රථයේම ගමන් කළ පුද්ගලයෙකු වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.
අද (06දා) පෙරවරුවේ මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වල්ඉඟුරුකැටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 41ක් වන රංජිත් ජයවර්ධන යන අයෙකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පළාගොස් ඇති බවත් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලීසිය පවසයි.