කොවිඩ් රෝගින් සඳහා ප්‍රතිකාර කරන ලග්ගල ප්‍රාදේශීය රෝහලේ කාන්තා සහ දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඇදන් අද (25දා) වන විට පිරි ඇති බව මාතලේ දිස්ත්‍රික් කොරොනා මර්දන කමිටු රැස්විමේදි අනාවරණය විය.
මාතලේ දිස්ත්‍රික් කොවිඩි පාලන මෙහෙයුම් කමිටුවේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිසා ලේකම් කාර්යාලයේදි පැවති අවස්ථාවේදි අදහස් දැක්වු වසංගත රෝග වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා මෙම කරුණු අනාවරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා මෙසේද පැවසිය.
“ඉදිරියේදි රෝගින් වාර්තා විමේ වැඩි ප්‍රවණතාවයක් ඇති විය හැකියි.රාජ්‍ය නිලධාරින් ඇතුලු ප්‍රජා නායකයින් සියලු දෙනා එකට වැඩ කිරිමට සුදානම් විම වැදගත්.
අපට කාමරවල ඉදන් තිරණ ගත නොහැකියි.ඒ වගේම සංචරණ සිමා කිරිම්.ඇතුලු අනෙකුත් සේඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරිම පිිළිබදව අප දැනුවත් භාවයෙන් කටයුතු කිරිම වැදගත් නමුත් ජනතාවට මෙම කොවිඩ් තත්වයේ භායනක තත්වය පිළිබදව අවබෝධයක් ලබා දිය යුතුයි.
ඉන්දියාවට පිහනා යන දුරක තියන රට ඒ නිසා එහේ මේ වන විට ඇතිවි තිබෙන තත්වය පිළිබදව අපට අවබෝධයක් තියනවා. මේ වගේ තැනට අපි යා යුතුද යන්න පිළිබදව කල්පනා කර අදාළ ක්‍රියා මාර්ග වහා ගත යුතුයි”
රත්තොට රුවන් ධනංජය