හල්දුම්මුල්ල නිකපොත ප්රදේශයේදී අද (30) වෙළඳසැලක් බිඳ ගම්බිරිස් තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.
වෙලඳසැල් හිමිකරු වෙළඳසැල වසා නිවසට ගොස් සිටි අවස්ථාවේදි වෙළඳසැලේ පිටුපස දොර කඩා ඇතුළු වී ගෝනි හතරක අසුරා තිබූ ගම්මිරිස් තොගය මෙලෙස සොරාගෙන ගොස් ඇති බව හිමිකරු පොලීසියට පැමිණිලි කර තිබේ.
සොරාගත් ගම්මිරිස් තොගයේ වටිනාකම ලක්ෂ දෙකකට ආසන්න බවද එහි හිමිකරු පොලීසියට පවසා ඇතැයි සඳහන්.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂන ක්රියාත්මක කරන අතර මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලීසිය සඳහන් කරයි
- හල්දුම්මුල්ල එස්.පී. නානායක්කාර