පාර්ලිමේන්තුවේ තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඉවත්කර ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී.ඒකනායක මහතා පත්කළ බව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(03) පැවසීය.
පර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111(22) (අ) හි විධිවිධාන ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක පිටපත් පාර්ලිමේන්තුවට ලැබී තිබෙන බවද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.