හැඳුනුම්පතට අනුව පුද්ගල සංචරණ සිදුකරන්නේද යන්න පිළිබඳව අද මෝදරදී සිදුකළ පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය සිය භාරයේ තබාගෙන ගමන් කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ත්‍රිරෝද රථයකින් මෙම කාන්තාව ගමන් කර ඇති අතර එහිදී ඇය සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 500, අයිස් 250 යි හෑෂ් මත්ද්‍රවය කිලෝවක් සොයාගෙන තිබේ.
සැකකාර කාන්තාව සමග ත්‍රිරෝද රථය මෙන්ම එය පැදවූ රියදුරාද පොලිස් භාරයට ගෙන තිබේ.
මෝදර පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වන අතර මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 95ක් පමණ වෙයි.