කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ පිහිටි ඩී.එච්.එල්. නැමැති කූරියර් පාර්සල් ආයතනයක් තුළ , රට තුළට ගෙන යාමට සූදානම් කර තිබූ , විදේශීය රටවල් 02 කින් ලැබී තිබූ පාර්සල් 03 ක් තුළ වූ හෂීෂ් සහ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 07/13 දින සවස අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
ඉතාලිය සහ ඉන්දියාව යන රට වලින් කොළඹ දෙමටගොඩ , කොටහේන සහ කොළඹ - 07 යන ලිපිනයන් වෙත මෙම පාර්සල් 03 ගුවන් තැපැල් ඔස්සේ එවා තිබුණි .
මෙම පාර්සල් තුළ පාවහන් සහ චොකලට් අඩංගු බවට සදහන් කර තිබුණ ද , ඒ පිළිබඳව සැක සිතූ මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු නිලධාරීන් මේවා විවෘත කර පරීක්ෂා කර බලන්නට පියවර ගෙන තිබුණි .
ඒ අනුව මෙම පාර්සල් තුළ වූ චොකලට් සහ පාවහන් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා හෂීෂ් මත්ද්‍රව්‍ය ග්රැම් 534 ක් සහ මරිජුවානා මත්ද්‍රව්‍ය ග්රැම් 320 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රේගු අධ්යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ( බළාත්මක ), සමාජ ආරක්ෂක ඒකකයේ රේගු අධ්යක්ෂවරයා සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයාගේ මග පෙන්වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරුණි .
මේ වනවිට මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
කටුනායක ටී.කේ.ජී.කපිල