රුපියල් මිලියන 86ක මූල්‍ය වංචාවකට අදාළව සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
39 හැවැරිදි සැකකරු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යෑමට සූදානමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ
ඇමෙරිකාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන් එරට පුද්ගලයන්ගේ ගිණුම් වෙත අනවසරයෙන් පිවිස එම මුදල් ශ්‍රී ලාංකිකයන්ගේ බැංකු ගිණුම් වෙත අන්තර්ජාලය හරහා මාරු කරනු ලබයි.
එම මුදල් එවන ගිණුම් හිමියන් යළිත් එම මුදල් ශ්‍රී ලංකාවෙන් යවන මුදල් ලෙසින් ඇමෙරිකාවේ සිටින ලාංකිකයන්ට යවනු ලබයි.
එසේ යවන පුද්ගලයන්ට යම් මුදලක් කොමිස් වශයෙන් ලැබෙන අතර එසේ මුදල් ලබාගත් පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ ගිණුමේ රුපියල් මිලියන 86ක මුදලක් තිබී ඇති අතර එයින් රුපියල් මිලියන 73ක් වෙනත් ගිණුම් හිමියන් වෙත මාරුකර තිබේ.
ඉතිරි මුදල් ඔහුගේ ගිණුමේ පවතින අතර එම ගිණුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නවත්වා තිබේ.