ලිංගික උත්තේජන ඖෂධ තොගයක්, සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ශ්‍රී ලංගාවට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (23දා) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගම්පහ , උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුළු පරිමාණ ව්යාපාරිකයෙකිසැකකරුගේ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ලිංගික උත්තේජන ඖෂධ විශාල ප්‍රමාණයක් ද , ඊට අමතරව කාන්තාවන් තම සිරුරු වල රාත්‍රී කාලයේ ආලේප කරන ආලේපන තොගයක් ද තිබී ඇත.
මෙම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කළ රේගුව ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .