විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (8) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 54 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
ඔහු අද දින අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , සිය නිවෙස කරා යෑමට ගුවන් තොටුපළ පිටත පර්යන්තයේ රැදී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මොහු විසින් ගෙනැවිත් තිබූ විශාල කාඩ්බෝඩ් පෙට්ටියක වටේට රෙදි අසුරා , ඒවා මැදට වන්නට මෙම දුම්වැටි තොගය අසුරා සගවා ගෙන තිබී ඇති අතර , එහි රුපියල් 5,83,000ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත " බිස්නස් රෝයල් " වර්ගයේ දුම්වැටි 11,660 ක් තිබූ බව පොලීසිය පවසයි .
මෙම ව්‍යාපාරිකයාට සහ දුම්වැටි තොගයත් සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ .
කටුනායක - ටි.කේ.පි .කපිල