රුපියල් මිලියන 3.6කට අධික වටිනාකමකින් යුත් මෙත්ඇම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 52ක් වන වැල්ලම්පිටියේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් හාරිෂ් නමින් හඳුන්වන සැකකරුවෙකි.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය අපේක්ෂා කරයි.