ලක්ෂ 37 ක අයිස් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- 30 07 2020
- 18:03
- {{hitsCtrl.values.hits}} views
- ..
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 37 කට (රු.3750000) අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී ඊයේ 29 අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස විමර්ශන අංශය කියයි
සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 පොලිස් භාරයට ගෙන ඇත
වයස අවුරුදු 36 සහ 41 පසුවන සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය හා කැලණියේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම ,ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
පැලියගොඩ කොටස් විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි
බිමල් ෂ්‍යාමන් ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
