කළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන " බබී "නැමැත්තෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 15 ක් පමන මත්ද්‍රව්‍ය තොගයක් සමග කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ දී ඊයේ 31 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
එම පුද්ගලයා සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් සීයක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය චෝදනාවකට සිරදඬුවම් විදිමින් සිට පසුගිය මස 10 වැනිදා ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙකු නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව දින කීපයක් තිස්සේ එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය .
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිරදඩුවම් විදිමින් සිටියදී බබී නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගත් බවත් ඔහුගේ ජාවාරමට සම්බන්ධ වී කටයුතු සිදුකළොත් යහමින් මුදල් ලබාදෙන බවට පැවසීම හේතුවෙන් ඊට සම්බන්ධ වූ බව සැකකරු සිදුකල ප්‍රකාශකයකින් හෙලිවූ බව පොලිස් නිළධාරිවරයා කීය
නාඳුනන පුද්ගලයන් හරහා මත්කුඩු ලැබෙන බවත් එම මත්කුඩු අලෙවි කරන්නේ ද නාඳුනන පුද්ගලයන් වෙත බවත් ඒ අනුව එදින ලද මත්කුඩු ග්‍රෑම් ග්‍රෑම් 250 පුද්ගලයන් තිදෙනකුට ලබාදීමට උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව දෙදෙනකුට ලබා දුන් බවත් තවත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා පැමිණ සිටි බවත් සැකකරු සිදු කළ ප්‍රකාශයකින් වැඩිදුරටත් හෙළිවූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු පයාගල කලමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ