රටවල් 143 ක විදේශීය ශ්‍රී ලාංකිකයින් 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙයට සිසුන් 3,078 ක්, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික සේවකයින් 27,854 ක්, යැපෙන්නන් 3527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ඇතුළත් බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
මේ අතර, අප්‍රේල් 21 සිට මේ දක්වා විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකකියන් 3600 ක් රටවල් 15 කින් ආපසු ගෙන්වා ඇති බවත් ඉන් බහුතරයක් විදේස්ගතව අධ්‍යාපනය ලැබූ සිසුන් සහ රජයේ නිලධාරීන් සහ පුහුණුව මත සිටි අය බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.