නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන බත්තල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.
නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු විදේශ නැව් වලින් රැගෙන ඒමෙන් පසුව ඒවා බත්තල් මගින් බලාගාර ගල් අගුරු ලබා ගන්නා ස්ථානය දක්වා රැගෙන ඒමට ඉන්දියන් ජාතිකයින් 106 දෙනෙකු යොදවා තිබේ.
අදාල ඉන්දියන් ජාතිකයින් 106 විටින් විට නිසි පරික්ෂාවට ලක් කිරිමට කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ පවසයි .
කෙසේ නමුත් මෙම පිරිස හදිසියේ අලුයම දක්වා හදිසි පරික්ෂණයකට ලක් කරමින් ශරිර උෂ්ණත්වය මැන බැලීම ඇතුළු කටයුතු රැසක් සිදු කල අතර ඒ අනුව මෙම පිරිසෙන් 31 දෙනෙකු දැනට රැදි සිටින ස්ථාන තුළම නිරෝධායනයට ලක්කර තිබේ.