ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා රෝමය වෙත ගුවන් ගත වීමට පැමිණි ඉරාන ජාතික ගුවන් මගියෙකු අද (14දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 30 හැවිරිදි ඉරාන ජාතිකයෙකි. ඔහු අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් ඉදිරිපත් කළ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ,එය ව්‍යාජ බවත්, මොහු ස්පාඤ්ඤ ජාතිකයෙකු නොව ඉරාන ජාතිකයෙකු බවත් අනාවරණය කරගෙන තිබේ.
තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන ඔහු රෝමය වෙත යෑමට පැමිණි බවද හෙළි වී තිබේ.
ටී.කේ.ජී. කපිල