කැනඩාවේ, ටොරොන්ටෝහි පසුගියදා පැවති ජාත්‍යන්තර නව නිපැයුම් නවෝත්පාදන තරගාවලියේදී රටවල් ගණනාවකින් ඉදිරිපත් කර තිබූ නව නිපැයුම් සම්බන්ධ නිර්මාණ අභිභවායමින් ශ්‍රී ලාංකීය වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කර තිබූ නව නිපැයුමකට එම තරඟාවලියේ දෙවන ස්ථානය හිමිවී ඇත.
ඒ අනුව ටොරොන්ටෝ ජාත්‍යන්තර නවෝත්පාදන සහ උසස් නිපුණතා සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් ඉදිරිපත් කර තිබූ උගුර, කණ, නාසය පරීක්ෂා කිරීමේ විශේෂිත උපකරණය මෙලෙස රිදී පදක්කමින් පිදුම් ලැබ තිබේ.
මෙම නව නිර්මාණය මඟින් රෝගියා සමඟ කිසිදු ස්පර්ශවීමකින් තොරව අවශ්‍ය නම් කාමර දෙකක සිට වුවද එම අවයවයන් පරීක්ෂා කිරීම් සිදුකළ හැකිවීම විශේෂත්වයකි.
අල්ට්‍රාසොනික් තාක්ෂණයෙන් බාහිරින් කිසිදු කැපුමක් නොමැතිව උගුර අභ්‍යන්තරයේ ශල්‍යකර්මයක් මෙරටදී ප්‍රථම වරට සිදුකිරීමේ ගෞරවයද මීටපෙර හිමිකර ගෙන ඇති වෛද්‍ය රිස්නි සකාෆ් මහතා නිපදවූ මෙම නව නිපැයුම කෙරෙහි මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානය යොමුව ඇත.
ඉංගිරිය - නිමාලි කහවල