වසර 2041 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් එනම් මුළු ජනගහනයෙන් 24.8෴ ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
ඒ අනුව වැඩිහිටියන්ගේ සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් පවුල සමග සිටින වැඩිහිටියන් සඳහා දිවා සුරැකුම් නිවාස, පවුලේ සාමාජිකයන් රහිත වැඩිහිටියන් සඳහා ස්ථිර නවාතැන් නිවාස සහ දැඩිව ආබාධිත හෝ එක්තැන් වූ වැඩිහිටියන් සඳහා රජයේ රෝහල් තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුපරීක්ෂණය යටතේ වාට්ටු ස්ථාපිත කිරීමේ ක්‍රම‘වේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එසේම වැඩිහිටි සත්කාරක සේවා සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි වැඩිහිටි සත්කාරක සේවා සපයන්නන් 10,000ක් පමණ පුහුණු කිරීමටත් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.