ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත ලබා දීම අද (01) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා විවිධ ආයතනයන් වෙතින් ද්‍රව්‍යමය අනුග්රහයන් ලබාදීම සිදුකරනු ලබමින් සිටී. ඒ අනුව පසුගිය 2020 අප්‍රේල් 28 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කර දංකොටුව පෝසිලේන් කර්මාන්ත ශාලාවේ නිශ්පාදනය කරන ලද ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 50ක ප්‍රමාණයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදී.