2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ. එසේම එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමටද ඔහු කටයුතු කර තිබේ.
අද දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ත්‍රාත්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.
මෝදි මහතා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමා තුළ හෝ ශ්‍රීලංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරද වැටහීමක් ඇතිවීමට කිසියම්ම හෝ හේතුවක් මුල් විණි නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බව පැවසීය.
2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් තලයකට පත් වූ බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා, තමන්ගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය බව අවධාරණය කළේ ය. ආර්ථික, සංස්කෘතික හා ආරක්ෂක අංශ සලකා බලද්දී දෙරට අතර අඛණ්ඩව පැවතිය යුතු, නොබිඳෙන සමීප සම්බන්ධතාවය අතිශය වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමා කත්මණ්ඩු නුවර දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූළව සියළු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ද මෝදි මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව කිසි විටෙක ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවක් සිය භූමිය තුළ සිදු කරලීමට ඉඩකඩ නොදෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා තම රට ලෝකයේ ඕනෑම රටක් සමග එක්ව ක්‍රියා කරන්නේ ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් බව ද පැහැදිලි කළේය.