ලංකාවේ එක් දිනක් තුළ වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන රාත්‍රිය දෙසැම්බර් 31 රාත්‍රිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඒ අනුව මාර්ගයේ ගමන් කරන විට ප්‍ර වේශයෙන් ගමන් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරවල ආකාරයට මේ වසරේදී නව වසරේ උදාව සැමරීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු පැවැසීය.
සාද හැකිතාක් පවුලේ අයට පමණක් සීමා කරන ලෙසත් කොවිඩ් වින්දිතයන් නොවී ලබන වසර ආරම්භ කිරීමට අධිෂ්ඨානයෙන් කටයුතු කරන ලෙසත් ඔහු සඳහන් කළේය.