ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා ඇමෙරිකානු සාම බළකායේ ස්වේච්ඡා සම්පත්දායකයන් පිරිසක් යළි මෙරටට පැමිණීමට නියමිතය. ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා මෙහිදී මූලික අවධානය යොමු කෙරේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ඇමෙරිකානු සාම බළකායේ ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකළ අතර, පසුගිය පෙබරවාරි මාසයේදී ඒ සඳහා ද්විපාර්ශ්වීය ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.
අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා 100 දෙනෙකුගෙන් සමන්විත ස්වේච්ඡා සම්පත්දායකයන් පිරිසක් එක්වීමට නියමිත අතර, 2020 වසරේ අධ්‍යයන වර්ෂය ආරම්භ කෙරේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙමින්, ජනතාව සමග එක්ව කටයුතු කරමින් ස්වකීය සේවය ලබා දෙන අතරම, සංස්කෘතික ක්‍රියාකාරකම් හරහා දෙරට අතර ජන ජීවිතය පිළිබඳ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමටද මෙහිදී පියවර ගනු ඇත.
1962 වසරේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ තරුණ කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ මෙම ස්වේච්ඡා වැඩසටහන් 1998 වසරේ අවසන් වූයේ, එවකට පැවැති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙනි.
ඇමෙරිකානු සාම බළකාය නැවත ශ්‍රී ලංකාව තුළ සේවය ආරම්භ කිරීම දෙරට අතර මිත්‍ර සබඳතා වර්ධනය වීමටද හේතුවක් වනු ඇත.