ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තත්ත්වයක් බවත්, එය විසඳාගැනීමට ශ්‍රීලංකා රජයට, දේශපාලන පක්ෂවලට හා ශ්‍රී ලංකාවේ ජනතාවට බුද්ධිය සහ හැකියාව ඇති බව තමන් විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සමිපතමයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය සමීපව අධ්‍යයනය කරන බවත්,රටක අභ්‍යන්තර ප්‍රශ්න සඳහා චීනය මැදිහත් වීමක් නොකරන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලූ කන්ග් මහතා ප්‍රකාශකරයි.
ඇති වී තිබෙන වෙනස්කම් සියලු පාර්ශ්වයන්ට එක්ව සාකච්ඡාවෙන් විසඳාගැනීමට හැකිවේවා යැයි චීනය බලාපොරොත්තු වන බවත් ඒ හරහා ස්ථාවරත්වය හා රටේ සංවර්ධනය ඇතිකරගත හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.