ලෝකයේ ජීවත්වන ජනගහණයෙන් අඩකම දෛනික ආදායම ඩොලර් 5.5ට අඩු බව ලෝක බැංකුව සඳහන් කරයි.ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක ජනගහණයෙන් හරි අඩකටම තවමත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇති බවයි.
ලෝකයේ අන්ත දුගී බවෙන් පෙලෙන ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.90ක් බවත් 2030 වන විට එම දුගී භාවය අවසන් කිරීමට කටයුතු කරන බවත් ලෝක බැංකුව පවසයි.
2015 වසරේදී අන්ත දුගී භාවයෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව 10%කින් අඩුව ඇති බවත් ලෝක බැංකුව පෙන්වා දෙයි.
ලෝක ජනගහණයෙන් බිලියන 1.9කගේම දෛනික ආදායම ඩොලර් 3.20 අඩු අතර එය ප්‍රතිශතකයක් ලෙස ගත්විට 26.2කි. ලෝක ජනගහණයෙන් 46%කගේම දෛනික ආදායම ඩොලර් 5.50කට වඩා අඩුය.
දකුණු ආසියාව
1990 සිට 2015 දක්වා දකුණු ආසියාවේ අන්ත දුගි භාවය 35%කින් අඩුවී තිබේ. එසේම ඩොලර් 3.2ක දෛනික ආදායමක් ලබන ජනතාවගේ සංඛ්‍යාව 8%කින් අඩුවී තිබුණත් දකුණු ආසියාවේ ජනතාවගෙන් 80%කම දෛනික ආදායම ඩොලර් 5.50ට වඩා අඩුවෙයි.