ලෝකෙන්ම උතුම් රට වූ ලංකාව දැන් ලෝකයෙන්ම පහත් රට බවට පත්ව ඇති බව කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර (පොඩි හාමුරුවෝ) පවසති.
උන්වහන්සේ මෙ බව සඳහන් කළේ ඊයේ ගංඟාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එසේම කවුරු අගමැතිදැයි තමවහන්සේ නොදන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“මේ රටේ උදාවුණ තත්ත්වය අපි කාටත් කනගාටුවට හේතුවක් මිසක් අපි කාටවත් සතුටුවන්න හේතුවක් නෙමයි. දැන්වත් ඥානවන්තයෝ ආපසු හැරිලා බලලා කොයි ගමන් මාර්ගයේද යා යුත්තේ තීරණය කළ යුතුයි.
සිංහලයෝ සිංහල කම අමතක නොකළ යුතුයි. බෞද්ධයා කාටවත් ද්‍රෝහි වුණේ නෑ. එහි ප්‍රතිඵල සියලු ජාතීන් ඒකරාශීව ජීවත්වීමයි. ඒක හැම ජාතියක්ම අමතක නොකළ යුතු කරුණක්.
දේශපාලඥයින්ගේ දරුවන්ට යම්කිසි අවශ්‍ය වගකීමක් දේශපාලඥයිනට පවා ඉෂ්ට කරගන්න බැරිවෙලා තිබෙනවා. අපි ඉන්නේ ලොකු ප්‍රපාතයක, අපි ඉන්නේ ලොකු ගිනි ගොඩක. ලෝකෙම උතුම් රට ශ්‍රී ලංකාවයි කියන ඒක දැන් ලෝකෙම පහත් රට ශ්‍රී ලංකාව බවට පත්වෙලා තිබෙනවා.
මම නම් දන්නේ නෑ කවුරු අගමැතිද අගමැති නැත්ද කියලා. ජනපතිතුමා ඉන්නවා කියලා නම් දන්නවා.”
ඡායාරූප ඉසුරු පෙරේරා