මාස දෙකකට ආසන්න කාලයක් තිබු ලොක්ඩවුන් නීතියෙන් අද (04) දිනයේ සිට ලිහිල් වන ඉතාලියේ ලක්ෂ 44 ක් ජනතාව රැකියා ආරම්භ කරන බවත් ඔවුන්ගේ ආරක්ෂාවට ප්රමුඛ ස්ථානයක් ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (03) දිනයේදි පසුගිය මාර්තු 14 න් පසු වාර්තා වු අඩුම දෛනික කෝවිඩ් මරණ වාර්තා වු බවත් එම මරණ 174 ත් සමග ඉතාලියේ සමස්ත කෝවිඩ් මරණ 28, 884 දක්වා වර්ධනය වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ඊයේ (03) දිනයේදි සිදු කල කෝවිඩ් ආසාදිත පරික්ෂණ 44,935 න් නව රෝගින් 1,389 ක් සොයාගත හැකි වු බවත් එ අනුව ඉතාලියේ සමස්ත ආසාද්තයන් සංඛ්‍යාව 2 10,717 දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු