තම පුතාගේ විවාහය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත් ඒ අනුව රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද කරන බවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ පැතිර යන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එම ව්‍යාජ ප්‍රවෘත්තිය අනුව තම පුතුගේ විවාහයෙන් පසුව රට ලොක්ඩවුන් කිරීමට නියමිත බවට සඳහන් බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.