නවසීලන්තයේ පසුගිය මාසයේදී නව කොරෝනා වෛරසය ඉස්මතු වීමෙන් පසු රටේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් වෙත පැනවූ රජයේ සමාජ දුරස්ථ සීමාවන්ට එරෙහිව විශාල ජනකායක් නගරයේ උද්ඝෝෂණයකට සහභාගි වී තිබේ.
ඊට සහභාගී වූ බොහෝ අය මුඛ ආවරණ පැලඳ නොසිටි අතර, දස දහස් ගණනක් මේ සඳහා පැමිණෙනු ඇතැයි යන පුරෝකථන සමග රූපවාහිනී නාලිකා මගින් එක පොදියට සිටින විරෝධතාකරුවන් සමාජ දුරස්ථකරණ නීති උල්ලංඝනය කරමින් හැසිරෙන ආකාරය දැකගත හැකිවිය.
"අපි අද මෙහි සිටින්නේ අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි අප විශ්වාස කරන නිසයි" විරෝධතා සංවිධායකයෙකු වූ ඇඩ්වාන්ස් නිව්සීලන්ඩ් පක්ෂයේ නායක ජේමි-ලී රොස් පැවසීය.
ඇමෙරිකානු නායක ට්‍රම්ප් පාක්ෂිකයන්ද මෙම රැලියේ සිටින බව දැකගත හැකිවිය. කෙසේ වෙතත් මේ තාක්දුරකට නවසීලන්තයේ ඔක්ලන්ඩ් ප්‍රාන්තයේ පාලනය කළ වෛරසය යළි උත්සන්න කිරීමට මෙම උද්ඝෝෂණ තුඩුදිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.