ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතමින් ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර තිබේ.
මේ අතරින් බහුතරය දමිළ ජාතිකයන් බවත් එක් සිංහල ජාතිකයෙක් සිටින බවත් ගාඩියන් ඔස්ට්‍රේලියා පුවත්සේවය වාර්තා කරයි.
අද අලුයම ඔස්ට්‍රේලියා වේලාවෙන් පස්වරු 2.00 පර්ත් නුවරින් පිටත්වී තිබේ. මෙම පිරිසෙන් කිහිප දෙනෙකුම ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීමේ මධ්‍යස්ථාන තුළ වසර හයකටත් වැඩි කාලයක් රඳවා තබාගෙන සිටි බවත් එම පුවත් සේවය පවසයි.