නිවාඩුමත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ්රී ලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් කිවුආර් 655 ගුවන් යානයෙන් අද (30දා) රාත්රී 08.15ට කොරියාවට බලා පිටත්ව ගිය බව කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානයේ කැඳවුම්කරු වූ රොෂාන් වික්රමසිංහ මහතා පැවැසීය.
කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්ධවී ඇති බවද රොෂාන් වික්රමසිංහ මහතා පැවසුවේය.
කොරියාවේද කොරෝනා උවදුර ඇතත් තමන් මෙතක් සේවය කළ ආයතනවල විධිමත් සෞඛ්යාරක්ෂක ක්රමයන් පැවති බවද ඔහු පැවසුවේය
තමන් තවදුරටත් ලංකාවේ රැදී සිටිනවා යනු කොරියානු රටේ රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමේ පසුවු බව කීවේය.