රටේ ආර්ථිකයට අතිශය වැදගත් වන රාජ්‍ය බැංකු දෙකෙහි සභාපති තනතුර සහ අධ්යක්ෂ මණ්ඩලය සති දෙකකට වැඩි කාලයක සිට රැස් වී නැතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
රාජ්‍ය බැංකු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශයට පවරාගැනීමත් සමග මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ සභාපති තනතුරු හා අධ්යක්ෂ මණ්ඩල පුරප්පාඩු වූ බව එම සංගමයේ ලේකම් රංජිත් සේනානායක මහතා සඳහන් කළේය.
පසුගිය 26 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග මෙම ක්‍රියාව සිදු වූ බවත්, පසුව සභාපති තනතුරුවලට පත් කිරීම සිදු කළත් ඔවුන් තවමත් වැඩ භාරගෙන නොමැති බවද ඔහු පවසා සිටියේය.
බැංකු දෙකේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හා මහා පරිමාණ ව්‍යාපාරික ණය ලබාදීම්වලදී අධ්යක්ෂ මණ්ඩලය තීන්දු තීරණ ගත යුතු බවත් සති දෙකකට අධික කාලයක සිට මෙම කටයුතු සිදු නොවීම රටේ ආර්ථිකයට බලපාන බවත් ඒ මහතා සඳහන් කළේය.
රාජ්‍ය බැංකු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් මුදල් අමත්‍යාංශය වෙත පවරාගැනීම හොඳ ක්‍රියාවක් බවත්, මේ නිසා අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.