ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් මෙවර පන්දුවාර 50 ලෝක කුසලානය ජයගතහොත් ඔවුනට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ආසන්න වශයෙන් රු. මිලියන 177ක්) මූල්‍ය ත්‍යාගයක් ප්රදානය කිරීමට නියමිතය.
මේ සඳහා වන ක්‍රීඩක ගිවිසුම් සහ නීතිමය තත්ත්වයන් මේ වනවිටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් කර ඇති අතර, ක්‍රීඩකයන්ද එම කොන්ත්‍රත්තුව (දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදු කරන කොන්ත්‍රාත්තුව) සඳහා අත්සන් තබා තිබේ.
එහෙත් එම මුදල් හිමිවනුයේ තරගාවලියට සහභාගි වන 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයන් සඳහා පමණි. පසුගිය අප්‍රේල් මස 08 වැනිදා ගිවිසුම්ගත වූ ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මෙම මුදල් හිමිවනු ඇත.
එමෙන්ම ලෝක කුසලානයට සහභාගි වන ක්‍රීඩකයන්ට එම තරගාවලිය සඳහා සහභාගි වීමේ ගාස්තුව වශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 03ක මුදලක්ද (රුපියල් ලක්ෂ 53ක්) ප්රදානය කිරීමට නියමිතය.
මීට අමතරව මූලික වටයේ ජයගන්නා එක් තරගයකට ඇමෙරිකානු ඩොලර් 50,000 බැගින් ලබාදීමට නියමිත අතර, අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගතහොත් ඔවුනට තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 02ක මුදලක් හිමිවේ.