දෙපාර්ශ්වයටම ජයක් ලැබෙන ආකාරයෙන් දෙරටේ ජනතාවටම ප්රතිලාභ ලැබෙන අයුරින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික සබඳතා තර කර ගැනීමට සූදානම් බව චීන රජය ප්‍රකාශ කරයි.
චීන රජයේ ප්‍රකාශක ෂාවේ ලිජියැන් ඊයේ (10දා) පැවැති දිනපතා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් චීනය ඔහුට සුබ පතන බවත් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පණිවිඩයක් යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.
